“ඉන්දීය ක්‍රීඩකයින්ට විදෙස් ලීග් ක්‍රීඩා කිරීමට අවසර දෙන්න” – රයිනා

Date:

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමග කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර නොමැති ක්‍රීඩකයින්ට විදෙස් 20යි 20 ක්‍රිකට් ලීග් ක්‍රීඩා කිරීම සදහා ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දිය යුතු බව ඉන්දීය පිතිකරු සුරේෂ් රයිනා පවසනවා.

ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට යළි කණ්ඩායම වෙත ඇතුළත් වීම සදහා එය වැදගත් අවස්ථාවක් වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ ඉර්ෆාන් පතාන් සමග සිදු කළ සජීවී සාකච්ඡාවකට එක්වෙමින් සුරේෂ් රයිනා මේ බව කියා සිටියා.

“මම හිතන්නේ යුසුෆ්, මම, රොබින් උතාපා වගේ දක්ෂ ක්‍රීඩකයින් රැසක් ඉන්නවා විදෙස් ලීග් තරගාවලිවලට ගිහිං තව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් අය.මොන ලීගයද කියන එක ගැටලුවක් නැහැ. අපිට අවසර ලබා දෙන්න විදෙස් ලීග් තරගාවලි දෙකක් ක්‍රීඩා කරන්න.”

යනුවෙන් සුරේෂ් රයිනා සදහන් කළා.

“අපි ඉන්දීය ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්ගත ක්‍රීඩක ලැයිස්තුවේ නැහැ. සමහරුන්ට අයි.පී.එල් කොන්ත්‍රාත් නැහැ. අපි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැහැ. දේශීය තරග ජාත්‍යන්තර ක්‍රිකට් තරග පිටිය හා සමාන නැහැ. අපිට ක්‍රීඩා කරන්න පුලුවන්නම් මාස 3ක් හොද තරගකාරී ක්‍රිකට්, සී.පී.එල්, බිග් බෑෂ් හෝ ඕනෑම ලීගයක, ඒක අපිට උදව්වක් වෙනව ක්‍රීඩාවට සූදානමින් සිටින්න.”

ක්‍රීඩාවේ නිරතවන ඉන්දීය ක්‍රීඩකයින්ට අයි.පී.එල් හැර වෙනත් ලීග් තරගාවලියන්ට ක්‍රීඩා කිරීම සදහා එරට ක්‍රිකට් ආයතනය මෙතෙක් අවසර ලබා දී නැහැ.

එසේ ක්‍රීඩා කළ හැකි වන්නේ අදාළ ක්‍රීඩකයින් විශ්‍රාම ගැනීමෙන් පසුවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...