අළුබදුන කාන්තා ටෙස්ට් තරගය තියුණු අවසානයකට මග පෑදෙයි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම හා එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය තියුණු අවසානයක් කරා මග පාදමින් සිව්වැනි දිනය ඊයේ(25) නිමා වුණා.

ඒ වන විට දෙවැනි ඉනිමේ දී ලකුණු 268 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත කාන්තා පිල කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 116 ක්.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා එංගලන්තය තවත් ලකුණු 152 ක් ලබා ගත යුතු අතර, ඔස්ට්‍රේලියාව කඩුලු 5 ක් දවා ගත යුතුයි.

එංගලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් Emma Lamb ලකුණු 28 ක් හා Tammy Beaumont ලකුණු 22 ක් රැස් කළා. Danni Wyatt නොදැවී ලකුණු 20යි.

පන්දු යැවීමේ දී Ashleigh Gardner ලකුණු 33 කට කඩුලු 3 ක් දවා ගත්තා.

නොටින්හැම් හි පැවැත්වෙන තරගය සිව්වැනි දිනය සදහා ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 82 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 257 ක් රැස් කළා.

Beth Mooney ලකුණු 85 ක් හා Alyssa Healy ලකුණු 50 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Sophie Ecclestone ලකුණු 63 කට කඩුලු 5 ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 473 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස එංගලන්තය රැස් කළ ලකුණු සංඛ්‍යාව 463 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...