Watch : ස්ටර්ලින්ග් දවා ගැනීමට මෙන්ඩිස් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 15 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද(25) සමත් වුණා.

බුලවායෝ හි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී අද දහවල් ආරම්භ වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූයේ අයර්ලන්ත කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

පන්දුවාර 49.5 අවසානයේ දී ශ්‍රී ලංකා පිල සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 325 ක්.

අයර්ලන්ත කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී පළමු කඩුල්ල ලෙස පෝල් ස්ටර්ලින්ග් ලකුණු 6කට දැවී ගියා.

ලහිරු කුමාර යොමු කළ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ කුසල් මෙන්ඩිස් කඩුල්ල පිටුපස සිට රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හේතුවෙනුයි.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...