බුම්රා යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එන දවස මෙන්න

Date:

ආබාධයකට ලක්වීමෙන් පසුව ශල්‍යකර්මයකට ලක්ව මේ වන විට පුනරුත්තාපන කටයුතුවල නිරතව සිටින ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට අගෝස්තු මාසයේ දී යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

අගෝස්තු මාසයේ දී අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ඔහුව ක්‍රීඩා කරවීමටයි ඉන්දීය ක්‍රිකට් කලමණාකාරීත්වයේ අවධානය යොමුව ඇත්තේ.

අගෝස්තු 3 වැනිදා සිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය ද මෙතෙක් නිවේදනය කර නැහැ.

කෙසේ වෙතත්, බුම්රා එම තරගාවලිය සදහා ද ක්‍රීඩා නොකිරීමට ඉඩ ඇති බව සදහන්.

එම තරගාවලියෙන් පසුව අගෝස්තු 18 වැනිදා සිට අයර්ලන්තයේ දී පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් 20යි 20 තරගාවලිය සදහා බුම්රා බොහෝ විට ක්‍රීඩා කරනු ඇති.

ඔක්තෝබර් – නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා මෙන්ම ඊට පෙර පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය සදහා ඔහුව සූදානම් කිරීම ඉන්දීය කණ්ඩායම් කලමණාකාරීත්වයේ ප්‍රධාන අරමුණ බවට පත්ව තිබෙනවා.

පිට කොන්දේ ආබාධය හේතුවෙන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට බුම්රාට ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...