කොදෙව් බලාපොරොත්තු අවධානමකට ලක් කරමින් සිම්බාබ්වේ පිලට සුපිරි ජයක්

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ බටහිර ඉන්දීය කොදෙව් බලාපොරොත්තු අවධානමකට ලක් කරමින් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ අද(24) පැවැති තරගාවලියේ 13 වැනි තරගයෙන් කොදෙව් කණ්ඩායම පරදා ලකුණු 35 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

මෙම ජයත් සමග මෙතෙක් ක්‍රීඩා කළ තරග තුනම ජය ගනිමින් A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ද සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණේ පළමු ස්ථානයේ සිටි කොදෙව්වන් තෙවැනි ස්ථානයට ඇදදමමින්. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

කෙසේ වෙතත්, බටහිර ඉන්දීය කොදෙව්, සත්කාරක සිම්බාබ්වේ හා නෙදර්ලන්තය යන රටවල් A කාණ්ඩයෙන් මේ වන විටත් සුපිරි 6 වටය සදහා සුදුසුකම් ලබා අවසන්.

හරාරේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 268 ක් ලබා ගත්තා.

ලකණු 269 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 44.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 233 ක් පමණයි.

ක්යල් මේයර්ස් ලකුණු 56 ක් ලබා ගත් අතර, රොස්ටන් චේස් ලකුණු 44 යි. නිකලස් පූරාන් ලකුණු 34 ක් ද, ෂේයි හෝප් ලකුණු 30 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ටෙන්ඩයි චටාරා ලකුණු 52 කට කඩුලු 3 ක් බිද හෙලුවා. බ්ලෙසින්ග් මුසරබානි, රිචර්ඩ් නගරාවා, සිකන්ඩ රාසා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සිකන්ඩ රාසා ලකුණු 68 ක් ලබා ගත්තේ පන්දු 58 කින්. රයන් බර්ල් ලකුණු 50ක් ද, ක්‍රෙයිග් අර්වින් ලකුණු 47 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී කීමෝ පෝල් කඩුලු 3ක් බිද හෙලූ අතර, අල්සාරි ජෝසප් හා අකීල් හොසෙයින් කඩුලු 2 බැගින් දවා ගත්තා.

[team_standings 47612]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...