නෙදර්ලන්තයේ ජයත් සමග A කාණ්ඩයෙන් සුපිරි 6 වටයට සුදුසුකම් ලැබූ රටවල් 3 මෙන්න

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 වටයට සුදුසුකම් ලබා ගැනීමට නෙදර්ලන්තය අද(24) සමත් වුණා.

ඒ, තරගාවලියේ 14 වැනි තරගයෙන් නේපාලය පරදා කඩුලු 7ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මෙම තරගයේ ප්‍රතිපලයත් සමග A කාණ්ඩයෙන් සුපිරි 6 වටය සදහා සුදුසුකම් ලබන කණ්ඩායම් තුනම මේ වන විට තේරී පත්ව තිබෙනවා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව්, සත්කාරක සිම්බාබ්වේ හා නෙදර්ලන්තය යන රටවල් එම කාණ්ඩයෙන් සුපිරි 6 වටය සදහා සුදුසුකම් ලබා ගත්තා. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

ශ්‍රී ලංකාව සුපිරි හය වටය සදහා සුදුසුකම් ලබා ගතහොත් ශ්‍රී ලංකාවට එම වටයේ දී ක්‍රීඩා කිරීමට සිදු වන්නේ මෙම කණ්ඩායම් තුන සමගයි.

ඒ අනුව නේපාලයට හා අමෙරිකා එක්සත් ජනපදයට සුපිරි හය වටය සදහා සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට සිදුව තිබෙනවා.

හරාරේ හී දී අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නේපාලයට පන්දුවාර 44.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167 ක් පමණයි.

Rohit Paudel ලකුණු 33 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී Logan van Beek ලකුණු 24 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය පන්දුවාර 27.1 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Max O’Dowd පන්දු 75 කින් ලකුණු 90 ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභීයා බවට පත් වූ අතර, Bas de Leede නොදැවී ලකුණු 41 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

[team_standings 47612]

[team_standings 47615]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...