කොදෙව්වන් දෙදෙනෙකුගේ මුහුණේ පන්දුව වදී ; දෙදෙනාම ශල්‍යකර්මවලට ලක් කෙරේ

Date:

නාසයේ සිදු වූ අස්ථි බිදීමක් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් දග පන්දු යවන ක්‍රීඩක Yannic Cariah ශල්‍යකර්මයකට මුහුණ දී තිබෙනවා.

පුහුණුවීම් අතරතුර දී පන්දුවක් මුහුණේ වැදීම හේතුවෙනුයි ඔහු මෙම ආබාධයට මුහුණ දී තිබුණේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ආරම්භ වීමට දිනකට පෙර, එනම් පසුගිය සෙනසුරාදා ඔහු මෙම අනතුරුට ලක් වී තිබුණා.

සිම්බාබ්වේ හි හරාරේ නුවර දී ඔහු ශල්‍යකර්මයට මුහුණ දුන් බවත්, තවදුරටත් ඔහු කොදෙව් සංචිතය සමග රැදී සිටින බවත් එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

කොදෙව් කණ්ඩායමේ වෛද්‍ය කමිටුවේ අධීක්ෂණය යටතේ ඔහු පසුවන අතර, යළි තරග බිමට පිවිසීමට ඔහුට හැකි වන්නේ කවදාදැයි ඉදිරියේ දී තීරණය කරනු ඇති.

මේ අතර, කොදෙව් සහාය පුහුණුකරු Floyd Reifer ගේ මුහුණෙහිද පන්දුවක් වැදී අනතුරක් සිදුව ඇති අතර, ඔහු ද ශල්‍යකර්මයකට ලක් කර තිබෙනවා.

කොදෙව් වෛද්‍ය කමිටුවේ අධීක්ෂණය යටතේ ඔහු ද පසුවන අතර, Floyd Reifer විසින් සිය පුහුණුකරු ධූරයේ කටයුතු ඉදිරියටත් සිදු කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...