IPL 13 වන ඇරඹුමට සියල්ල සූදානම් – තරග කාලසටහන මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වන අදියර හෙට(19) ආරම්භ වනවා.

දින 53ක් පුරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන තරගාවලියට තරග 60ක් ඇතුළත්.

පළමු තරගය හෙට පැවැත්වෙන්නේ පසුගිය වර ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ අනුශූරයින් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි.

මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙවරත් ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන කටයුතු කරනවා.

පළමු තරගය මෙරට වේලාවෙන් හෙට රාත්‍රී 7යි 30ට අබුඩාබිහිදී ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලිය පසුගිය මාර්තු 29 වනදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙනුයි එය කල් දැමීමට සිදු වුණේ.

තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත්, අවසන් වටයේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන සහ දින පිළිබද මෙතෙක් ඉන්දීය ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කර නැහැ.

එක් දිනකදී තරග ද්විත්වයක් පැවැත්වෙන දින 10ක් ද මෙවර තරගාවලියට ඇතුළත්.

දහවල් ආරම්භ වන තරග මෙරට වේලාවෙන් පස්වරු 3.30ටද, රාත්‍රී තරග පස්වරු 7.30ට ද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මෙවර පැවැත්වෙන තරගාවලියේ තරග 24ක් ඩුබායි හී දී ද, තරග 20ක් අබුඩාබි හී දී ද තරග 12ක් සාජා හී දී ද පැවැත්වෙනු ඇති.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙවර තරග වාරය සදහා වන ප්‍රධාන අනුග්‍රාහකත්වය (title sponsorship) Dream 11 සමාගම වෙත හිමිව තිබෙනවා.

ඔවුන් ඒ සදහා ඉදිරිපත් කළ ලංසු මුදල වූයේ ඉන්දීය රුපියල් කෝටි 222 ක්.

පසුගිය තරග වාරයන්හී දී අයි.පී.එල් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස චීනයට අයත් VIVO සමාගම කටයුතු කළ නමුත් ඉන්දු – චීන දේශසීමා ආශ්‍රිතව පසුගිය කාලයේ ඇති වූ ගැටුම් පදනම් කර ගනිමින් VIVO සමාගමට එරෙහිව ඉන්දියාවේ බොහෝ පාර්ශවවලින් දැඩි විරෝධයක් එල්ල වුණා.

ඒ හේතුවෙන් VIVO සමාගම මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමටයි තීරණය කළේ.

තරග කාලසටහන
[embeddoc url="https://sinhala.hitwicket.lk/wp-content/uploads/2020/09/Dream-11-IPL-2020-Match-Schedule-UAE.pdf" download="none"]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...