ස්ටොක්ස් යළි වැඩ අල්ලයි – වීඩියෝ දර්ශන මෙන්න

Date:

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් යළි පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.

ඒ, නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර දී යි.

ඔහු පුහුණුවීම් ආරම්භ කර ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් ද බෙන් ස්ටොක්ස් විසින් සමාජජාලා මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

නිමා වූ පාකිස්තාන ටෙස්ට් තරගාවලිය අතරතුර දී ඔහු නවසීලන්තය බලා පිටත්ව යාමට තීරණය කළේ සිය පියාගේ අසනීප තත්ත්වයක් පදනම් කර ගනිමින්.

ඔහුගේ පියා මොළයේ පිළිකා රෝගී තත්ත්වයකට ගොදුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

නවසීලන්තයට පැමිණිමෙන් පසුව බෙන් ස්ටොක්ස්ට සති දෙකක කාලයක් නිරෝධායනයට ද ලක් වීමට සිදු වූ අතර, අනතුරුවයි ඔහුට සිය පියාගේ සුව දුක් බැලීම සදහා අවස්ථාව හිමි වුණේ.

සිය උපන් රට වන නවසීලන්තය බලා මෙලෙස පිටත්ව යාම හේතුවෙන් බෙන් ස්ටොක්ස්ට පසුගිය සති කිහිපයේ දී එංගලන්තය ක්‍රීඩා කළ තරග රැසකට එක්වීමේ අවස්ථාව ද අහිමි වුණා.

ඔහු හෙට ආරම්භ වන අයි.පී.එල් තරග වාරයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව ඇතත්, තරගාවලියේ පළමු අර්ධය ඔහුට අහිමි වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බෙන් ස්ටොක්ස් පුහුණුවීම් සිදු කරන අයුරු ඇතුළත් වීඩියෝව පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...