අකිල ධනංජයගේ පන්දු යැවීමේ තහනම අවසන්

Date:

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ වසරක තහනම හෙට(19) අවසන් වනවා.

ඒ අනුව ඔහුට ඉදිරියේ දී යළිත් පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයකට මුහුණ දී ඉන් සමත් වුවහොත් ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීමේ හැකියාව හිමි වනු ඇති.

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බවට වසර දෙකක කාලයක් තුළ දී අවස්ථා දෙකකදී තහවුරු වීම හේතුවෙනුයි ඔහුට පසුගිය වසරේ සැප්තැම්බර් 19 වනදා වසරක කාලයක් පන්දු යැවීමේ තහනමක් පැනවුණේ.

පළමු වරට අකිල ධනංජයට 2018 වසරේ දෙසැම්බර් මාසයේ දී පන්දු යැවීමේ තහනමක් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පනවනු ලැබුවා.

අනතුරුව ඔහු සිය ඉරියව්ව නිවැරැදි කර ගනිමින් පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයකට මුහුණ දුන් අතර, ඉන් සමත් වීමට අකිල ධනංජයට හැකිවුණා.

ඒ අනුව 2019 වසරේ පෙබරවාරි මාසයේ දී අකිල ධනංජයට යළි ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීමේ අවස්ථාව හිමි වුණා.

කෙසේ වෙතත්, ඔහුගේ ඉරියව්ව සැක සහිත බවට පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී යළි චෝදනා එල්ල වූ අතර, ඊට අදාළව ඔහු මුහුණ දුන් පරීක්ෂණයෙන් අකිල ධනංජය අසමත් වීමත් සමගයි වසරක පන්දු යැවීමේ තහනමක් පැනවුණේ.

යම් පන්දු යවන්නෙකු වසර දෙකක කාලයක් තුළ දී දෙවරක් පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයකින් අසමත් වුවහොත් ඔහුට මාස 12 පන්දු යැවීමේ තහනමක් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පනවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...