එංගලන්තය ලකුණු 255 ක් පිටුපසින්

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම හා එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(24).

නොටින්හැම් හි පැවැත්වෙන තරගය දෙවැනි දිනයට නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 218ක් ලබා සිටියා.

Tammy Beaumont නොදැවී ලකුණු 100 ක් ලබා සිටින්නේ හතරේ පහර 16 ක් සමගින්. Nat Sciver-Brunt නොදැවී ලකුණු 41 යි.

Emma Lamb ලකුණු 10 කටත්, Heather Knight ලකුණු 57 කටත් දැවී ගියා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, දෙවැනි දිනය ආරම්භ කරන විට ඔවුන් කඩුලු 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 328 ක්. ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 473 ක් ලබා ගැනීමට සමත් වුණා.

Annabel Sutherland නොදැවී ලකුණු 137 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 16 ක් සමගින්. Ellyse Perry ලකුණු 99 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියා. Tahlia McGrath ලකුණු 61 යි.

පන්දු යැවීමේ දී Sophie Ecclestone ලකුණු 129 කට කඩුලු 5 ක් දවා ගත්තා.

ඒ අනුව එංගලන්ත කාන්තා කණ්ඩායම මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 255 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...