2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 12 වැනි තරගයෙක් එක්සත් අරාබි එමීර් රාජ්ය කණ්ඩායම පරදා ලකුණු 111 ක ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම අද(23) සමත් වුණා.
බුලවායෝ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්ය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත පිල පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 282 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ එමීර් කණ්ඩායමට පන්දුවාර 35.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 171 ක් පමණයි.
එමීර් ඉනිම වෙනුවෙන් Muhammad Waseem ලකණු 36 ක් හා Basil Hameed ලකුණු 30 ක් ලබා ගත්තා. Karthik Meiyappan නොදැවී ලකුණු 23 යි.
පන්දු යැවීමේ දී Safyaan Sharif ලකුණු 20 කට කඩුලු 4 ක් දවා ගත් අතර, Chris Sole ලකුණු 37 කට කඩුලු 3 ක් බිද හෙලුවා.
පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Richie Berrington ලකුණු 127 ක් රැස් කළේ පන්දු 136 කින්. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 9ක් සමගින්.
Mark Watt නොදැවී ලකුණු 44 ක් හා Michael Leask ලකුණු 41 ක් රැස් කළා.
පන්දු යැවීමේ දී Junaid Siddique කඩුලු 3 ක් හා Ali Naseer කඩුලු 2 ක් බිද හෙලුවා.
මෙම ජයත් සමග B කාණ්ඩයේ ප්රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ස්කොට්ලන්තය සමත් වුණේ ඕමානය තෙවැනි ස්ථානයට ඇදදමමින්.
නවතම ප්රසාද ලකුණු සටහන –
[team_standings 47615]

