වනිදු-ලහිරුගේ සුපිරි පන්දු යැවීම හා දිමුත්-පැතුම්ගේ අගනා සබදතාවය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 10 ක ජයක්

Date:

වනිදු හසරංග හා ලහිරු කුමාරගේ විශිෂ්ඨ පන්දු යැවීම මෙන්ම දිමුත් කරුණාරත්න හා පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ නොබිදුණු සම්බන්ධතාවය හමුවේ ඕමානය සමග 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ පැවැති 11 වැනි තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(23) සමත් වුණා.

බුලවායෝහී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 99 ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 15 ක් අවසානයේ දී යි.

අඛණ්ඩව සිය සිව්වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය ද වාර්තා කළ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 61(51) ක් ලබා ගත් අතර, පැතුම් නිස්සංක නොදැවී ලකුණු 37 යි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 98 කට දැවී ගියේ පන්දුවාර 30.2 ක් අවසානයේ දී යි.

පළමු කඩුලු 4 ලකුණු 20 ක් තුළ දවා ගැනීමට ලහිරු කුමාර හා කසුන් රාජිත සමත් වුණා. අනතුරුව Jatinder Singh හා Ayaan Khan 5 වැනි කඩුල්ල සදහා ලකුණු 52 (64) ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වුණා.

Jatinder ලකුණු 21 කට දැවී ගියේ වනිදු හසරංගගේ පන්දුවක් හමුවේයි. එම පන්දුවාරයේ දී ම තවත් කඩුලු 2 ක් දවා ගැනීමට වනිදු සමත් වීම කැපී පෙනුණා.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Ayaan Khan පන්දු 60 කින් ලකුණු 41 ක් රැස් කළේ හතරේ පහර 4 ක් සමගින්.

පසුගිය තරගයේ දී කඩුලු 6 ක් දවා ගත් වනිදු හසරංග මෙම තරගයේ දී ලකුණු 13 කට කඩුලු 5 ක් බිද හෙලුවා. ලහිරු කුමාර ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගත් අතර, කසුන් රාජිත එක් කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 17ක් ලබා දෙමින්.

[team_standings 47615]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...