හරාරේ ක්‍රීඩාංගනයේ හටගත් ගින්නේ දර්ශන මෙන්න ; ඉතිරි තරග ගැනත් තීරණයක්

Date:

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරග පැවැත්වෙන සිම්බාබ්වේහි හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ ඊයේ(21) රාත්‍රී කාලයේ දී ගින්නක් හට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, බළධාරීන් මැදිහත් වී ගින්නෙන් ක්‍රීඩාංගනයට හානියක් සිදු වීම වළක්වා ගැනීමට සමත් වූ බවයි සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අනතුරුව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් හා සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් මේ පිළිබද පරීක්ෂණයක් සිදු කර තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීම සදහා ක්‍රීඩාංගනය සුදුසු මට්ටමක පවතින බවට නිගමනය කර තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම විසින් නෙදර්ලන්තය කඩුලු 6 කින් පරාජයට පත් කිරීමෙන් පැය 6කට පමණ පසුවයි මෙම ගිනි ගැනීම වාර්තා වී තිබුණේ.

ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

අද පෙරවරු කාලයේ දී ක්‍රීඩාංගනය ඉදිරි තරග සදහා ප්‍රේක්ෂකයින්ට ආරක්ෂිතදැයි සොයා බැලීමක් සිදු කර තිබූ අතර, එහිදී ඉදිරි තරග පැවැත්වීම වෙනුවෙන් ක්‍රීඩාංගනය සුදුසු මට්ටමක පවතින බව තීරණය කර තිබෙනවා.

තරගාවලිය යටතේ මූලික වටයේ තවත් තරග 3ක්, සුපිරි හය වටයේ තරග 4 ක් හා අවසන් මහා තරගය හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

සෙනසුරාදා දිනයේ දී සිම්බාබ්වේ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය ද මෙම ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, එම තරගයට ඉහළ ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණෙනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

(ගිනි ගැනීමේ දර්ශන පහතින් නරඹන්න )

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...