ශ්‍රී ලංකාවට තරග වැඩියි ; ආසියානු කුසලානයේ දෙමුහුන් ක්‍රමවේදයට පාකිස්තානයෙන් විරෝධයක්

Date:

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය දෙමුහුන් ක්‍රමවේදයක් යටතේ පැවැත්වීමට ගත් තීරණයට තමා කැමැත්තක් නොදක්වන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ මීළග සභාපතිවරයා ලෙස පත් වීමට ඉඩ ඇති Zaka Ashraf පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම දෙමුහුන් ක්‍රමවේදය ඔස්සේ පාකිස්තානයට වාසිදායක තත්ත්වයක් නොලැබෙන බවයි.

සත්කාරක රට ලෙස පාකිස්තානය සමස්ත තරගාවලියම සිය රටේ දී පැවැත්වීම සදහා අවශ්‍ය සාකච්ඡා සිදු කළ යුතුව තිබූ බව ඔහුගේ අදහසයි.

ශ්‍රී ලංකාව තරග වැඩි ප්‍රමාණයකට සත්කාරකත්වය දැරීමට නියමිතව ඇති බවත්, පාකිස්තානයට තරග 4ක් පමණක් හිමිව ඇති බවත්, එය පාකිස්තානයේ යහපතට හේතු නොවන බවත් Zaka Ashraf සදහන් කළා.

කෙසේ වෙතත්, ESPNcricinfo වෙබ් අඩවිය වෙත ඔහු පවසා ඇත්තේ මේ වන විට ආසියානු කුසලානය පිළිබද තීරණයක් ගෙන ඇති බැවින් ඊට අනුකූල වීමට සිදු වන බවයි. තමා ඊට බාධාවක් සිදු නොකරන බව ද ඔහු සදහන් කර තිබෙනවා.

2023 ආසියානු කුසලාන තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දියාව පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත පල කිරීමත් සමග මෙවර ආසියානු කුසලාන තරගාවලිය පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කෙරුණා.

ඒ අනුව ආසියානු ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ තරගාවලියේ තරග 4ක් පාකිස්තානයේ දී ද, අනෙකුත් තරග 9 ශ්‍රී ලංකාවේ දී ද පැවැත්වීමට තීරණය කර ඇති බවයි.

තරගාවලිය අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...