පාකිස්තානයේ ඉල්ලීමට අයි.සී.සී හා ඉන්දියාව බෑ කියයි

Date:

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් පැවැත්වෙන ක්‍රීඩාංගන වෙනස් කරන ලෙසට පාකිස්තාන ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීමක් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අයි.සී.සීය හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අතර පැවැති සාකච්ඡාවකින් පසුව ඒ සම්බන්ධයෙන් වන සිය තීරණය එම පාර්ශව දෙක විසින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැතත්, තරග කාලසටහන පසුගියදා සියලු ක්‍රිකට් ආයතන වෙත යොමු කර තිබුණේ එම ආයතනවල අදහස් ලබා ගැනීම සදහායි.

ඒ අනුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඉල්ලා තිබුණේ ඇෆ්ඝනිස්තානයට එරෙහිව චෙන්නායි හී දී පාකිස්තානය ක්‍රීඩා කිරීමට නියමිත තරගයේත්, ඔස්ට්‍රේලියාවට එරෙහිව බැංගලූරු හී දී පැවැත්වීමට නියමිත තරගයේත් වෙනස්කම් සිදු කර දෙන ලෙසයි.

ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගය බැංගලූරු හී දී පැවැත්වීමටත්, ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය චෙන්නායි හී දී පැවැත්වීමටත් කටයුතු කරන ලෙස පාකිස්තානය දැනුම් දී තිබූ බව සදහන්.

කෙසේ වෙතත්, අයි.සී.සීය හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කර ඇත්තේ මෙම අවස්ථාවේ දී එම තරග දෙක පැවැත්වෙන ක්‍රීඩාංගන වෙනස් කිරීමට කිසිදු හේතුවක් නොමැති බවයි.

ක්‍රීඩාංගන වෙනස් කිරීමක් සලකා බැලිය හැක්කේ ආරක්‍ෂක ගැටළු මත හෝ යම් ක්‍රීඩාංගනයක් ජාත්‍යන්තර තරග සඳහා නුසුදුසු යැයි සැලකෙන්නේ නම් පමණයි.

අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිත ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ද වෙනත් ක්‍රීඩාංගනයකදී පැවැත්විය යුතු බවට පාකිස්තාන ක්‍රිකට් ආයතනය මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද එය ද සංශෝදනය කිරීමට අයි.සී.සීය හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර නොමැති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...