ලීස්ක්ගේ නොසිතූ ප්‍රහාරය ස්කොට්ලන්තයට අවසන් පන්දුවේ දී පෙරළිකාර ජයක් හිමි කරයි

Date:

Michael Leask පන්දු 61 කින් නොදැවී වාර්තා කළ ලකුණු 91 හේතුවෙන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 7 වැනි තරගයෙන් අයර්ලන්තය පරදා තරගයේ අවසන් පන්දුවේ දී එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම අද(21) සමත් වුණා.

සිම්බාබ්වේ හි බුලවායෝ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 8 ක් දැවී ලකුණු 286 ක් ලබා ගත්තා. ඒ, ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 70 දී බිද වැටුණු පසුබිමකයි.

ඇන්ඩි මැක්බ්‍රයන් ලකුණු 32 යි. පෝල් ස්ටර්ලින්ග් හා ඇන්ඩි බල්බර්නි ඔවුන් මුහුණ දුන් පළමු පන්දුවලින්ම දැවී ගියේ තරගයේ පළමු පන්දුවාරයේදීමයි හැරී ටෙක්ටර් හා ලෝකන් ටකර් ලකුණු 6 බැගින් ලබා සිටියදීයි දැවී ගියේ.

කෙසේ වෙතත්, අනතුරුව කර්ටිස් කැම්පර් හා ජෝර්ජ් ඩොක්‍රෙල් 6 වැනි කඩුල්ල සදහා ලකුණු 136 (150)ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වුණා. ඩොක්‍රෙල් ලකුණු 69 ක් රැස් කළා. කැම්පර් ලකුණු 120 ක් ලබා ගත්තේ පන්දු 108 කින්. හයේ පහර 4ක් හා හතරේ පහර 9 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී බ්‍රෙන්ඩන් මැක්මලන් ලකුණු 34 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තය ඉනිමේ අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 9ක් දැවී සිටියදීයි.

ආරම්භක පිතිකරු Christopher McBride ලකුණු 56 ක් ලබා ගත් අතර, මැද පෙල පිතිකරුවන්ගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් ලැබුණේ නැහැ.  ඉනිමේ 7 වැනි කඩුල්ල ලකුණු 152 දී බිද වැටුණේ ස්කොට්ලන්තයේ සියලු බලාපොරොත්තු සුන් කරමින්.

කෙසේ වෙතත්, අංක 7 පිතිකරු Michael Leask හා අංක 9 පිතිකරු Mark Watt 8 වැනි කඩුල්ල සදහා ලකුණු 82 (67)ක සම්බන්ධතාවයක් පිහිටුවමින් සිය කණ්ඩායම යළි සටනට අවතීර්ණ කළා. Watt ලකුණු 47 (43) කට දැවී ගියා.

සටන අත්නොහැරූ Michael Leask අනතුරුව Safyaan Sharif සමග එක් වී 9 වැනි කඩුල්ල සදහා ලකුණු 50 (27)ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. Sharif ලකුණු 6ක් ලබා සිටියදී අවසන් පන්දුවාරයේ දී දැවී ගියා.

කෙසේ වෙතත්, හයේ පහර 4 කින් හා හතරේ පහර 9කින් සිය ඉනිම වර්ණවත් කළ Leask අවසන් පන්දුවේ දී හතරේ පහරක් එල්ල කරමින් තරගයේ ජය ස්කොට්ලන්තයට හිමි කර දුන්නා. ඒ, තරගය ජය ගැනීම සදහා අවසන් පන්දුවට ලකුණු 2 ක් ලබා ගත යුතුව තිබූ පසුබිමකයි.

පන්දු යැවීමේ දී මාර්ක් අඩයර් ලකුණු 57 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ජොෂ් ලිට්ල් හා ජෝර්ජ් ඩොක්‍රෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

අයර්ලන්තය මෙවර තරගාවලියේ දී මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම මේ වන විට පරාජයට පත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...