මනසිංහගේ කඩුලු 5 හා මිනෝද්-පසිදු නොබිදුණු සබදතාවය හමුවේ ශ්‍රී ලංකා A ප්‍රබල ස්ථානයක

Date:

සංචාරක දකුණු අප්‍රිකා A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (21) කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දි නිමා වුණේ තරගයේ පාලනය ශ්‍රී ලංකාව වෙත හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 230 ක් ලබා සිටියා.

නිශාන් මදුෂ්ක ලකුණු 40 කටත්, ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 30 කටත් දැවී ගියා. මිනෝද් භානුක නොදැවී ලකුණු 79 ක් හා පසිදු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 73 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔවුන් දෙදෙනා අතර මේ වන විට ගොඩ නැගී ඇති නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 157 ක්.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකා A කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 287 ක් ලබා සිටි අතර, දකුණු අප්‍රිකා පිලේ සියලු පිතිකරුවන් ලකුණු 294 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ Tristan Stubbs ලකුණු 117 ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 15 ක් සමගින්. Keegan Petersen ලකුණු 50 ක් ද, Zubayr Hamza ලකුණු 46 ක් ද රැස් කළා. Kyle Verreynne නොදැවී ලකුණු 38 යි.

පන්දු යැවීමේ දී ලක්ෂිත මනසිංහ ලකුණු 48 කට කඩුලු 5 ක් දවා ගත්තා. විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 ක් බිද හෙලූ අතර, ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 290 ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායම මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 226 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...