2022 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය විසින් ඒකමතිකව අනුමත කර තිබෙනවා.
එම මූල්‍ය වසරේ දී රුපියල් බිලියන 6.3 ක ශුද්ධ අතිරික්තයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්තා කර ඇති බවයි ක්‍රිකට් ආයතනය අද(21) නිවේදනය කළේ.
සමස්ත ආදායම සටහන්ව ඇත්තේ රුපියල් බිලියන 17.5 ක් ලෙසයි. 2021 ආදායම හා සැසදීමේ දී එය 120% ක වර්ධනයක් ලෙස සටහන්ව තිබෙනවා.
කොළඹ Cinnamon Grand හෝටලයේ දී පසුගිය 17 වැනිදා පැවැති අති විශේෂ මහා සභා රැස්වීමකදී විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන සදහා අනුමැතිය ලබා දී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
රුපියල් බිලියන 6.3 ක ශුද්ධ අතිරික්තය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතිහාසයේ වසරක් තුළ වාර්තා කළ ඉහළම ශුද්ධ අතිරික්තය බව ද ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, අනුග්‍රාහක කොන්ත්‍රාත් හා අයි.සී.සී වාර්ෂික සාමාජික ගෙවීම් යන ආදායම් අංශ 4 යටතේයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමස්ත ආදායම ඉපැයීමට සමත්ව ඇත්තේ.

