ශ්‍රී ලංකා ක්‍රිකට් ආදායම 120% කින් ඉහළට ; මූල්‍ය ප්‍රකාශන සදහාත් අනුමැතිය

Date:

2022 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය විසින් ඒකමතිකව අනුමත කර තිබෙනවා.

එම මූල්‍ය වසරේ දී රුපියල් බිලියන 6.3 ක ශුද්ධ අතිරික්තයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්තා කර ඇති බවයි ක්‍රිකට් ආයතනය අද(21) නිවේදනය කළේ.

සමස්ත ආදායම සටහන්ව ඇත්තේ රුපියල් බිලියන 17.5 ක් ලෙසයි. 2021 ආදායම හා සැසදීමේ දී එය 120% ක වර්ධනයක් ලෙස සටහන්ව තිබෙනවා.

කොළඹ Cinnamon Grand හෝටලයේ දී පසුගිය 17 වැනිදා පැවැති අති විශේෂ මහා සභා රැස්වීමකදී විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන සදහා අනුමැතිය ලබා දී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

රුපියල් බිලියන 6.3 ක ශුද්ධ අතිරික්තය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතිහාසයේ වසරක් තුළ වාර්තා කළ ඉහළම ශුද්ධ අතිරික්තය බව ද ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, අනුග්‍රාහක කොන්ත්‍රාත් හා අයි.සී.සී වාර්ෂික සාමාජික ගෙවීම් යන ආදායම් අංශ 4 යටතේයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමස්ත ආදායම ඉපැයීමට සමත්ව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...