ටෙස්ට් රජ කිරුළ ලබුෂේන්ගෙන් ගිලිහෙයි ; ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

නවතම අයි.සී.සී ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගැනීමට එංගලන්තයේ ජො රූට් සමත්ව තිබෙනවා.

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(21) දිනයේ දී සිය නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කළ අතර, ඒ අනුව මෙතෙක් ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණේ පසු වූ ඔස්ට්‍රේලියාවේ මර්නස් ලබුෂේන්ට පළමු ස්ථානය අහිමි වී තිබෙනවා.

ලබුෂේන් මාස 6ක පමණ කාලයක් ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණේ පසුවුණා.

පළමු අළුබදුන ටෙස්ට් තරගයේ දී ජෝ රූට් ලකුණු 118*ක් හා 46ක්  වාර්තා කරමින් දැක් වූ දක්ෂතාත්, ලබුෂේන් විසින් එම තරගයේ දී සැලකිය යුතු දක්ෂතා නොදැක්වීමත් හේතුවෙන් ශ්‍රේණිගත කිරීම්හි මෙම වෙනස්කම් සිදුව තිබෙනවා.

ලබුෂේන් මේ වන විට තෙවැනි ස්ථානය දක්වා පසු බැස ඇති අතර, නවසීලන්තයේ කේන් විලියම්සන් දෙවැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සිව්වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ද, ස්ටීවන් ස්මිත් 6 වැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් ද පසුබැස තිබෙනවා.

පළමු අළුබදුන තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ උස්මාන් කවාජා 7 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇති අතර, ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න 9 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ එක් ස්ථානයකින්.

එංගලන්තයේ හැරී බෘෘක් 13 වැනි ස්ථානය දක්වා ස්ථාන 5 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාවේ චරිත් අසලංක එක්දින පිතිකරුවන් අතර 40 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ ඇති අතර, කුසල් මෙන්ඩිස් 50 වැනි ස්ථානය දක්වා ද ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 3කින්.

පැතුම් නිස්සංක 57 වැනි ස්ථානය දක්වා ස්ථාන 5 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයේ දී කඩුලු 6 ක් දවා ගත් වනිදු හසරංග පන්දු යවන්නන් අතර 26 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර, මහීෂ් තීක්ෂණ ස්ථාන 8 කින් ඉදිරියට පැමිණ ඇත්තේ  65 වැනි ස්ථානය දක්වායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...