ඔස්ට්‍රේලියාවෙන් හා එංගලන්තයෙන් ප්‍රසාද ලකුණු 2 බැගින් කපා හරියි

Date:

එංගලන්තයට හා ඔස්ට්‍රේලියාවට එරෙහිව අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ප්‍රසාද ලකුණු 2 බැගින් කපා හැරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, බර්මිංහැම්හී දී ඊයේ(20) නිමා වූ පළමු අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී එම කණ්ඩායම් දෙකම නියමිත කාලය තුළ පන්දුවාර යවා නිමා නොකිරීම හේතුවෙන්.

මෙම වරද හේතුවෙන් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 40% ක දඩ මුදලක් ද පැනවීමට කටයුතු කර තිබෙනවා.

තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් මෙම දඩුවම් පනවා ඇත්තේ කණ්ඩායම් දෙක විසින්ම නියමිත කාලය නිමා වන විට පන්දුවාර 2 බැගින් පිටුපසින් සිට ඇති බැවින්.

ලබා දී ඇති දඩුවම් ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් හා එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් විසින් පිළිගෙන ඇති අතර, ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

මෙම දඩුවම් පැනවීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රසාද ලකුණු ප්‍රමාණය 10 ක් දක්වා පහත වැටී තිබෙනවා.

එංගලන්ත කණ්ඩායමේ ප්‍රසාද ලකුණු ප්‍රමාණය මේ වන විට සටහන්ව ඇත්තේ සෘණ 2 ක් ලෙසයි.

දෙරට අතර පැවැති පළමු අළුබදුන තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...