ශායන්ගේ සටන්කාමී ශතකය අපගේ යවමින් ඇමෙරිකාව පරදා නේපාලය පළමු ජය ලබයි

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 6 වැනි තරගයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට නේපාලය අද(20) සමත් වුණා.

හරාරේ හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 208 ක ඉලක්කයක් හඹා ගිය නේපාලය ඉනිමට නිමා වීමට පන්දු 42 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Bhim Sharki නොදැවී ලකුණූ 77 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට මෙවර තරගාවලියේ පළමු ජය හිමි කර දුන්නා.

Kushal Bhurtel හා Dipendra Singh Airee (නොදැවී) ලකුණු 39 බැගින් ලබා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකාව ලකුණු 207 ක් රැස් කළේ පන්දුවාර 49 කදී සියලු දෙනා දැවී යමින්. ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 18 ක් තුළ දැවී ගියා.

කෙසේ වෙතත්, Shayan Jahangir පන්දු 79 කින් නොදැවී ලකුණු 100 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. හයේ පහර 3 ක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

Sushant Modani ලකුණු 42 යි. පන්දු යැවීමේ දී නේපාලය වෙනුවෙන් Karan KC ලකුණු 33 කට කඩුලු 4 ක් හා Gulsan Jha ලකුණු 52 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...