රාසාගේ වාර්තාගත ශතකය නෙදර්ලන්තයට අමිහිරි පරාජයක් උරුම කරයි

Date:

ශෝන් විලියම්ස්ගේ හා සිකන්ඩ රාසාගේ වේගවත් ඉනිම් හේතුවෙන් 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 5 වැනි තරගයෙන් නෙදර්ලන්තය පරදා කඩුලු 6ක සුපිරි ජයක් වාර්තා කිරීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අද(20) සමත් වුණා.

හරාරේහී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 315 ක් නියමිත පන්දුවාර 50 අවසානයේ දී ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිල පන්දුවාර 40.5 ක් පමණක් වැය කරමින් කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාම විශේෂත්වයක්.

සිකන්ඩ රාසා පන්දු 54 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 102 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 8 ක් හා හතරේ පහර 6 ක් ඇතුළත්. මෙය සිම්බාබ්වේ පිතිකරුවෙකු එක්දින ජාත්‍යන්තර තරගයකදී වාර්තා කළ වේගවත්ම ශතකය ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් නායක ක්‍රෙයිග් අර්වින් ලකුණු 50 (48) ක් රැස් කළ අතර, Joylord Gumbie ලකුණු 40යි.

ශෝන් විලියම්ස් පන්දු 58 ක් පමණක් වැය කරමින් ලකුණු 91 ක් ලබා සිටියදී දැවී ගියා. හයේ පහර 2ක් හා හතරේ පහර 10ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

පන්දු යැවීමේ දී Shariz Ahmad ලකුණු 62 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත ඉනිම වෙනුවෙන් Vikramjit Singh ලකුණු 88 ක් ද, නායක Scott Edwards ලකුණු 83 ක් ද, Max O’Dowd ලකුණු 59 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී සිකන්ඩ රාසා ලකුණු 55 කට කඩුලු 4 ක් දවා ගත්තා.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම මෙවර තරගාවලියේ දී මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගැනීමට සමත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...