ස්ටබ්ස්ගෙන් ශතකයක් ; ශ්‍රී ලංකාවට වඩා දකුණු අප්‍රිකා A ලකුණු 3ක් පිටුපසින්

Date:

සංචාරක දකුණු අප්‍රිකා A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (20) කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දි නිමා වුණා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකා A කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 287 ක්.

නායක Tony de Zorzi ඉනිමේ පළමු පන්දුවෙන්ම දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වුණා. අනෙක් ආරම්භක පිතිකරු Matthew Breetzke ලකුණු 10 කට දවා ගත්තේ ද විශ්ව ප්‍රනාන්දු විසින්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ Tristan Stubbs ලකුණු 117 ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 15 ක් සමගින්. Keegan Petersen ලකුණු 50 ක් ද, Zubayr Hamza ලකුණු 46 ක් ද රැස් කළ අතර, Kyle Verreynne නොදැවී ලකුණු 34 යි.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු හා ලක්ෂිත මනසිංහ කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, අද දිනය ආරම්භ කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 257 ක් ලබා සිටි ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 290 ක් රැස් කළා.

ආරම්භක පිතිකරුවන් වූ නිශාන් මදුෂ්ක ලකුණු 33 කට හා ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 27 කට දැවී ගියා. මිනෝද් භානුක ලකුණු 32 ක් ද, පසිදු සූරියබණ්ඩාර ලකුණු 41 ක් ද ලබා ගනිමින් මැද පෙල ශක්තිමත් කළා. කෙසේ වෙතත්, නායක කමිදු මෙන්ඩිස් එක් ලකුණකට දැවී ගියා.

ලහිරු උදාර ලකුණු 33 ක් රැස් කළ අතර, රමේෂ් මෙන්ඩිස් ලකුණු 62 ක් ලබා ගත්තා. මිලාන් රත්නායක ලකුණු 35 යි.

යළිත් සුපිරි පන්දු යැවීමක නිරත වූ Senuran Muthusamy ලකුණු 101 කට කඩුලු 6 ක් බිද හෙලුවා.

ඒ අනුව දකුණු අප්‍රිකා A කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 3 ක් පිටුපසින් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...