වනිදුගේ කඩුලු 6 හා මුල්පෙල පිතිකරුවන්ගේ දක්ෂතා ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක් හිමි කර දෙයි

Date:

මුල් පෙල පිතිකරුවන්ගේ විශිෂ්ඨ ඉනිම් හා වනිදු හසරංග කඩුලු 6 ක් දවා ගනිමින් දැක් වූ අගනා පන්දු යැවීම හේතුවෙන් 2023 අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ තමන් ක්‍රීඩා කළ පළමු තරගයෙන් දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(19) සමත් වුණා.

බුලවායෝ හි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ දී ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 175 කින් පරාජයට පත් වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමයි.

තරගාවලියේ තෙවැනි තරගය වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් අතර, ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 355 ක්.

ලකුණු 356 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය එමීර් කණ්ඩායමට පන්දුවාර 39 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 180 ක් පමණයි.

Muhammad Waseem හා Vriitya Aravind ලකුණු 39 බැගින් රැස් කළ අතර, Ali Naseer ලකුණු 34 යි.

පන්දු යැවීමේ දී එමීර් ඉනිම සම්පූර්ණයෙන් අඩපන කළ වනිදු හසරංග සිය හොදම එක්දින පන්දු යැවීම සටහන් කරමින් කඩුලු 6 ක් දවා ගැනීමට සමත් වුණේ ලකුණු 24 ක් ලබා දෙමින්. ඔහු මෙම තරගයේ දී සිය 50 වැනි එක්දින කඩුල්ල ද බිද හෙලීම කැපී පෙනුණා.

ලහිරු කුමාර, මහීෂ් තීක්ෂණ හා ධනංජය ද සිල්වා අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න හා පැතුම් නිස්සංක අතර ආරම්භක කඩුල්ල සදහා ලකුණු 95 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. දිමුත් ලකුණු 52 කට දැවී යාමත් සමග එම සම්බන්ධතාවය බිද වැටුණා. ඔහු අද වාර්තා කළේ සිය 9 වැනි හා අඛන්ඩව වාර්තා කළ තෙවැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකයයි.

© ICC/Getty Images

සිය 8 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ පැතුම් නිස්සංක ලකුණු 52 යි. කුසල් මෙන්ඩිස් පන්දු 63 කින් ලකුණු 78 ක් ලබා ගත්තා. ඒ, හතරේ පහර 10 ක් ද සමගින්. ශ්‍රී ලංකා ඉනිමේ පළමු පිතිකරුවන් සිව්දෙනාම අර්ධ ශතක වාර්තා කිරීම විශේෂත්වයක්.

අංක 4 පිතිකරු වූ සධීර සමරවික්‍රම පන්දු 64 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 73 ක්. එය ඔහුගේ දෙවැනි එක්දින අර්ධ ශතකයයි. හතරේ පහර 9කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා. මෙන්ඩිස් හා සධීර අතර තෙවැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 105 (79) ක්. දසුන් ශානක එක් ලකුණකටත්, ධනංජය ද සිල්වා ලකුණු 5 කටත් දැවී ගියා.

චරිත් අසලංක පන්දු 23 කින් නොදැවී ලකුණු 48 ක් ලබා ගත්තේ හයේ පහර 2 ක් හා හතරේ 5 ක් සමගින්. වනිදු හසරංග පන්දු 12 කින් හතරේ 3 ක් ද සමගින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 23 ක්. ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ල සදහා පන්දු 22 කින් ලකුණු 58 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය අවසන් පන්දුවාර 10 තුළ දී ලකුණු 108 ක් රැස් කළ අතර, අවසන් පන්දුවාර 5 තුළ දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 64 ක්.

පන්දු යැවීමේ දී අලී නසීර් ලකුණු 44 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...