Watch : වසීම්ගේ කඩුල්ල දවා ගැනීමට අසලංක රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

2023 අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තෙවැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක අද(19) සමත් වුණා.

බුලවායෝ හි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් අද පස්වරු 12.30ට ආරම්භ තරගයේ දී මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 355 ක් ලබා ගත්තා.

එමීර් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී නායක මුහම්මද් වසීම්ගේ කඩුල්ල දවා ගැනීම සදහායි අසලංක සුපිරි උඩ පන්දුවක් රැක ගනු ලැබුවේ.

වනිදු හසරංගගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 39 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...