ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත සංචිතයට වෙනසක්

Date:

නවසීලන්ත පන්දු යවන්නියක වන Jess Kerr ට එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය අහිමි වී තිබෙනවා.

ඒ, පුහුණුවීම් අතරතුර පිතිකරණයේ නිරතව සිටියදී පන්දුවක් ඇයගේ පාදයක වැදීමෙන් සිදු වූ ආබාධයක් හේතුවෙන්.

ආබාධය නිසා ඇයට සති 6ක පමණ පුනරුත්තාපන ක්‍රියාවලියකට ලක් වීමට සිදු වන බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව Jess Kerr වෙනුවට Leigh Kasperek නවසීලන්ත සංචිතය සදහා ආදේශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

Kasperek වසර දෙකකින් පමණ නවසීලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කර නැහැ.

මෙම සංචාරයට එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ඇතුළත් අතර, නවසීලන්ත කාන්තා කණ්ඩායම මෙරට දී ද්විපාර්ශ්වික තරගාවලියක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

නවසීලන්ත කාන්තා කණ්ඩායම ජූනි 23 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර, දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය පැවැත්වෙන්නේ ජූනි 27 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි.

දෙවැනි හා තෙවැනි තරග ද පිළිවෙලින් ජූනි 30 වැනිදා හා ජූලි 3 වැනිදා ගාල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලිය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී ජූලි 8 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි හා තෙවැනි තරග පිළිවෙලින් ජූලි 10 වැනිදා හා 12 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...