එංගලන්තය ලකුණු 35 ක් ඉදිරියෙන්

Date:

එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර බර්මිංහැම්හි පැවැත්වෙන පළමු අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ඊයේ(18) නිමා වුණේ තරගයේ පාලනය කණ්ඩායම් දෙකටම සමව හිමි කර දෙමින්.

වර්ෂාව හේතුවෙන් තෙවැනි දිනය පන්දුවාර 32.4 කට පමණක් සීමා වූ අතර, දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 28 ක් ලබා සිටියා.

බෙන් ඩකට් ලකුණු 19 කටත්, සැක් ක්‍රව්ලි ලකුණු 7කටත් දැවී ගියා. පිළිවෙලින් පැට් කමින්ස්ගේ හා ස්කොට් බෝලන්ඩ්ගේ පන්දු හමුවේ යි ඔවුන් දෙදෙනා දැවී ගියේ. පන්දු 4 ක් තුළ ලකුණු 2 ක් තුළ එම කඩුලු දෙක දැවී යාම තරගයේ උණුසුම තවදුරටත් තීව්‍ර කිරීමට හේතු වුණා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 5 ක් දැවී ලකුණු 311 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 386 ක්.

ඇලෙක්ස් කෙරී ලකුණු 66ක් ලබා සිටියදී ජේම්ස් ඇන්ඩර්සන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියා.(දර්ශන පහතින්) උස්මාන් කවාජා ලකුණු 141 ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ නැංගුරම බවට පත් වුණා.

ට්‍රැවිස් හෙඩ් ලකුණු 50 ක් රැස් කළ අතර, කැමරන් ග්‍රීන් හා පැට් කමින්ස් ලකුණු 38 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ් හා ඔලී රොබින්සන් කඩුලු 3 බැගින් බිද හෙලුවා. මොයීන් අලී බිද හෙලූ කඩුලු ගණන 2ක්.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 393 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, ඒ අනුව එංගලන්තය මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 35 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...