“අපි අමාරුවේ වැටුනම අපිව බේර ගත්තේ මාලි” – රෝහිට්

Date:

වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ ස්ථානයට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීම අතිශය දුෂ්කර කටයුත්තක් බව  මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිට් ෂර්මා පවසනවා.

මෙවර අයි.පී.එල් තරගාවලිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට අද(17) එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

“ඔහුගේ (මාලිංගගේ) ස්ථානය පුරවන එක පහසු නැහැ. ඔහු තරග දිනවන්නෙක් මුම්බායට. මම ඒක ගොඩක් සැරයක් කියලා තියෙනවා. අපි යම් කරදරයක පැටලී සිටි අවස්ථාවලදී මාලිංග තමයි අපිව ඉන් ගලවගත්තේ. ”

ලසිත් මාලිංග වෙනුවට ආදේශ කළ හැකි ක්‍රීඩකයින් තිදෙනෙකු පිළිබදව ද මෙහිදී මුම්බායි නායකයා කරුණු පැහැදිලි කළා.

“අපිට ඉන්නවා ජේම්ස් පැටින්සන්, ධවල් කුල්කානි, මොහ්සින් ඛාන්. ඔවුන්ව තමයි අපි බලාපොරොත්තුවෙන්නේ මාලිංග වෙනුවට ආදේශ කරන්න. නමුත් පැහැදිලිවම, මාලිංග මුම්බාය වෙනුවෙන් කළ දේ සසදන්න බැහැ.”

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් පුහුණුකරු මහේල ජයවර්ධන සදහන් කළේ රෝහිට් ෂර්මා සමගින් ක්වෙන්ටන් ඩී කොක් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙන් ලෙස කටයුතු කරනු ඇති බවයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළඹෙන 19 වනදා ආරම්භ වන්නේ මුම්බායි කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයත් සමගින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...