එංගලන්තයේ පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (16) පැවැති තරගයකදී Sussex කණ්ඩායමේ Bradley Currie විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට සමත් වුණා.
Hampshire කණ්ඩායමට එරෙහිව Hove හී දී පැවැති තරගයේ දී යි ඔහු මෙම විශිෂ්ඨ උඩ පන්දුව රැක ගැනීමට සමත් වුණේ.
ලකුණු 25 ක් ලබා සිටි Benny Howell ගේ කඩුල්ල දවා ගැනීම සදහා ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තා.
මෙම උඩ පන්දුව ක්‍රිකට් ඉතිහාසයේ පන්දු රකින්නෙකු රැකගත් විශිෂ්ඨතම උඩ පන්දුව විය හැකි බවටයි බොහෝ දෙනෙකු අදහස් දක්වා ඇත්තේ.
STOP WHAT YOU ARE DOING
BRAD CURRIE HAS JUST TAKEN THE BEST CATCH OF ALL TIME 🤯#Blast23 pic.twitter.com/9tQTYmWxWI
— Vitality Blast (@VitalityBlast) June 16, 2023

