SA20 කණ්ඩායමකට වියදම් කළ හැකි මුදල ඉහළට ; නව කොන්දේසියකුත් පනවයි

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ක්‍රිකට් තරගාවලියේ දී කණ්ඩායමකට ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය දෙවැනි අදියරේ දී ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රමාණය දකුණු අප්‍රිකා රැන්ඩ් මිලියන 34 සිට මිලියන 39.1 දක්වා එනම් රුපියල් මිලියන 652 ක් දක්වා ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම තරගාවලියේ සංවිධායකයින් විසින් තවත් අමතර කොන්දේසියක් තරගාවලිය සදහා ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 22 ට අඩු නවක ක්‍රීඩකයෙකු සමග සෑම කණ්ඩායමක්ම ගිවිසුම්ගත විය යුතු බවයි සංවිධායකයින් නිවේදනය කළේ. එම ක්‍රීඩකයා SA20 තරගාවලිය සදහා මීට පෙර ක්‍රීඩා නොකළ අයෙකු විය යුතුයි.

සංචිතයකට ඇතුළත් කර ගත හැකි සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව ද 19 ක් දක්වා මෙවර ඉහළ නංවා තිබෙනවා. සංචිතයක් සදහා ඇතුළත් විය යුතු අවම දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 11 ක්.

දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් අලෙවි කිරීම සදහා ඒ ඒ කණ්ඩායම් වෙත ලබා දෙන කාලය (trading window) ජූනි පළමු වැනිදා සිට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් අලෙවි කිරීමට, රදවා ගැනීමට, මිලදී ගැනීමට හා ගිවිසුම්ගත වීම (pre-sign) සදහා මේ වන විට සියලු කණ්ඩායම් සදහා අවස්ථාව පවතිනවා.

තරගාවලියේ පළමු අදියර ජයග්‍රහනය කරනු ලැබුවේ Sunrisers Eastern Cape කණ්ඩායම විසිනුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...