ඔස්ට්‍රේලියානු පිතිකරුවන් ටෙස්ට් ඉතිහාසයේ අති දුර්ලභ වාර්තාවක් පිහිටුවයි

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පළමු ස්ථාන තුනම හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියානු පිතිකරුවන් සමත්ව තිබෙනවා.

ඒ අනුව ශ්‍රේණිගත ලකුණු 903 ක් සමගින් මර්නස් ලබුෂේන් තවදුරටත් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන අතර, ස්ටීවන් ස්මිත් ශ්‍රේණිගත ලකුණු 885 ක් සමගින් දෙවැනි ස්ථානයේත්, ට්‍රැවිස් හෙඩ් ශ්‍රේණිගත ලකුණු 884 ක් සමගින් තෙවැනි ස්ථානයේත් රැදී සිටිනවා.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දී ශතක වාර්තා කරමින් දැක් වූ දක්ෂතා හේතුවෙනුයි ස්මිත් ශ්‍රේණිගත කිරීම්හි එක් ස්ථානයකින් හා හෙඩ් ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ ඇත්තේ.

අවසන් වරට මෙලෙස එකම රටක පිතිකරුවන් තිදෙනෙකු ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන 3 හිමි කර ගත්තේ 1984 වසරේ දී යි. එම වසරේ දී කොදෙව් පිතිකරුවන් වන Gordon Greenidge (810 ශ්‍රේණිගත ලකුණු), Clive Lloyd (787) හා Larry Gomes (773) පිළිවෙළින් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන 3 හිමි කර ගත්තා. එම අවස්ථාව හැර වෙනත් කිසිදු අවස්ථාවකදී ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන 3 හිමි කර ගැනීමට එකම රටක පිතිකරුවන් තිදෙනෙකු සමත්ව නැහැ.

නවසීලන්තයේ කේන් විලියම්සන් ශ්‍රේණිගත ලකුණු 883 ක් සමගින් මේ වන විට ශ්‍රේණිගත කිරීම්හි සිව්වැනි ස්ථානයේ පසුවන අතර, ඔස්ට්‍රේලියාවේ උස්මාන් කවාජා 9 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැස තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ එක් ස්ථානයකින්.

මේ අතර, ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන් 6 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 62 වැනි ස්ථානය දක්වා ස්ථාන 5 කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා. වනිදු හසරංග පන්දු යවන්නන් අතර 28 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන දෙකකින්.

ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්දින තරගයේ දී දැක් වූ දක්ෂතා හේතුවෙනුයි ඔවුන් එලෙස ඉදිරියට පැමිණ ඇත්තේ. තරගාවලිය ආරම්භ වීමට පෙර 49 වැනි ස්ථානයේ පසු වූ දුෂ්මන්ත චමීර මේ වන විට සම 39 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...