ලසිත් මාලිංගට ඇමෙරිකා ලීගයෙන් තනතුරක්

Date:

අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත මේජර් ලීග් ක්‍රිකට් (MLC) පන්දුවාර 20යි 20 තරගාවලියට එක්වන MI New York (එම් අයි නිව් යෝර්ක්) කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිටපු  සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග පත් කර තිබෙනවා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මේ වන විට කටයුතු කරන ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ද පන්දු යැවීමේ උපාය මාර්ගික පුහුණුකරුවෙකු ලෙස අවස්ථා කිහිපයකදී කටයුතු කළා.

MI New York කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ දකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොබින් පීටර්සන්. J Arunkumar හා James Pamment පිළිවෙලින් පිතිකරණ හා පන්දු රැකීමේ පුහුණුකරුවන් ලෙස පත් කර තිබෙනවා.

මේ අතර, MI New York කණ්ඩායම සමග රෂීඩ් ඛාන්, ට්‍රෙන්ට් බෝල්ට් හා කාගිසෝ රබාඩා මේ වන විට ගිවිසුම්ගත වී ඇති බවයි එම කණ්ඩායමේ නිවේදනය කළේ.

නිකලස් පූරාන්, ටිම් ඩේවිඩ්, ඩිවාල්ඩ් බ්‍රේවිස් හා ජේසන් බෙහ්රෙන්ඩොර්ෆ් ද MI New York සංචිතයට ඇතුළත්. කයිරන් පොලාඩ් එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර, ඩේවිඩ් වීසා ද තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සංචිතය ඇතුළත් කර තිබෙනවා.

රෂීඩ් හා රබාඩා මීට පෙර එම් අයි කණ්ඩායම් සමූහයට අයත් MI Cape Town කණ්ඩායම වෙනුවෙන් SA20 තරගාවලියේ දී ක්‍රීඩා කළා.

පූරාන් හා බෝල්ට් ද මීට පෙර ILT20 තරගාවලියේ දී MI Emirates කණ්ඩායම නියෝජනය කළ අතර, ටිම් ඩේවිඩ් හා ඩිවාල්ඩ් බ්‍රේවිස් මීට පෙර IPL හා SA20 තරගාවලියේ දී එම් අයි සමූහයට අයත් කණ්ඩායම් නියෝජනය කළා.

තරගාවලිය ජූලි 13 වැනිදා සිට 30 වැනිදා දක්වා ක්‍රීඩාංගන දෙකකදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...