තවත් නවසීලන්ත ප්‍රබලයෙකුට ලෝක කුසලානය අහිමි වෙයි

Date:

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මයිකල් බ්‍රේස්වෙල්ට දීර්ඝ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ, එංගලන්තයේ පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත 20යි 20 තරගාවලිය වන T20 Blast තරගාවලියේ දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධයක් හේතුවෙන්.

ආබාධය නිසා බ්‍රේස්වෙල්ට මාස හයත් අටත් අතර කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වන බවටයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

ඔහු හෙට (15) දිනයේ දී එංගලන්තයේ දී ශල්‍යකර්මයකට ද මුහුණ දීමට නියමිතව සිටිනවා. අනතුරුව ඔහු දීර්ඝ කාලීන පුනරුත්තාපන ක්‍රියාවලියකට යටත් වනු ඇති.

ඒ හේතුවෙන් මයිකල් බ්‍රේස්වෙල්ට 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

මීට පෙර මෙවර අයි.පී.එල් තරගාවලියේ දී කේන් විලියම්සන් ද පාදයක ආබාධයකට ලක් වූ අතර, ඔහුට ද එළඹෙන ලෝක කුසලාන තරගාවලිය අහිමි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

32 හැවිරිදි මයිකල් බ්‍රේස්වෙල් පසුගිය වසරේ මාර්තු මාසයේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් අතර, මේ දක්වා එක්දින තරග 19 කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී ලකුණු 510 ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ, 42.50 ක පිතිකරණ සාමාන්‍යයක් ද සටහන් කර ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...