ලීග් දෙකේ නීතිය නිසා දසුන්ට හා වනිදුට ඇමෙරිකාවට යන්න අවසර නැති වෙයි

Date:

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානකට හා සුපිරි දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත මේජර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට අවසර ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව Sunday Times වාර්තා කර තිබෙනවා.

එක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට එක් වසරකදී විදෙස් ලීග් තරගාවලි දෙකක් පමණක් ක්‍රීඩා කිරීමට අවසර ලබා දීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සදහන් කර ඇත්තේ.

ජූලි 13 වැනිදා සිට 30 වැනිදා දක්වා මේජර් ලීග් ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් හයකගේ සහභාගීත්වයෙන් ටෙක්සාස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී හී දී පැවැත්වීමට නියමිතයි.

වනිදු හසරංග Washington (DC) Freedom කණ්ඩායම සදහා ද, දසුන් ශානක Seattle Orcas කණ්ඩායම සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතව සිටියා.

ශානක මෙම වසරේ දී මේ වන විටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියේ දී ගුජරාට් ටයිටන්ස්, පාකිස්තාන සුපර් ලීග් (පී.එස්.එල්) තරගාවලියේ දී පෙෂාවර් සල්මි හා ජාත්‍යන්තර ලීග් 20යි 20 (ILT20) තරගාවලියේ දී ඩුබායි කැපිටල්ස් යන කණ්ඩායම් සදහා ක්‍රීඩා කර තිබෙනවා. ඒ අනුව මේ වන විටත් ඔහු මෙම වසරේ දී විදෙස් ලීග් තරගාවලි 3ක් ක්‍රීඩා කර අවසන්.

වනිදු හසරංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සදහා හා ILT20 තරගාවලියේ දී ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කළා.

මේ අතර, භානුක රාජපක්ෂ මෙම වසරේ දී මේ වන විට IPL, PSL, ILT20 හා BPL යන විදෙස් ලීග් තරගාවලි 4 සදහා ක්‍රීඩා කර තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සදහන් කර ඇත්තේ ඇතැම් ක්‍රීඩකයින් මේ වන විටත් මෙම වසරේ දී විදෙස් ලීග් තරගාවලි 4කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇතත්, ඉදිරියේ දී සෑම ක්‍රීඩකයෙකුටම විදෙස් ලීග් තරගාවලි දෙකක් පමණක් ක්‍රීඩා කිරීමට අවසර ලබා දෙන බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...