ඉන්දියාව පරදා නව ලෝක ටෙස්ට් ශූරයින් ලෙස ඔස්ට්‍රේලියාව කිරුළු පළදියි

Date:

2021-23 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. ඒ, ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැති අවසන් මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායම පරදා ලකුණු 209 ක ජයක් වාර්තා කරමින්.

තරගයේ අවසන් දිනය වූ අද (11) දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ජයග්‍රහනය සදහා ලකුණු 444 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව කඩුලු 3 ක් දැවී ලකුණු 164 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 234 ක් පමණයි.

අද දිනයේ පළමු කඩුල්ල හෙවත් ඉන්දීය දෙවැනි ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස විරාත් කෝලි ලකුණු 49 කට දැවී ගියා. එම පන්දුවාරයේ දී ම රවීන්ද්‍ර ජඩේජා ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට ස්කොට් බෝලන්ඩ් සමත් වුණා.

කේ එස් භාරත් ලකුණු 23 කටත්, ශර්දුල් තාකූර් ලකුණු නොලබා සිටියදීත් දැවී ගියා. අජින්කෙයා රහානේ ලකුණු 46 යි. ඉන්දීය ඉනිම වෙනුවෙන් රෝහිත් ෂර්මා ලකුණු 43 ක් ද, චෙටස්වර් පුජාරා ලකුණු 27 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ස්කොට් බෝලන්ඩ් ලකුණු 46 කට කඩුලු 3 ක් දවා ගත් අතර, නේදන් ලයන් ලකුණු 41 කට කඩුලු 3 ක් බිද හෙලුවා. මිචෙල් ස්ටක් කඩුලු 2ක් ද, පැට් කමින්ස් එක් කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 469 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඉන්දියාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 296 ක්.

අනතුරුව ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 270 ක් ලබා සිටියදීයි.

අවසන් තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී ලකුණු 163 ක් ලබා ගත් ට්‍රැවිස් හෙඩ්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...