ඔස්ට්‍රේලියාව ලකුණු 296 ක් ඉදිරියෙන්

Date:

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ තෙවැනි දිනය අද(9) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ තරගය ජය ගැනීම පිළිබද වැඩි බලාපොරොත්තු තවදුරටත් ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

දිනය නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 123 ක්. ඒ අනුව ඔවුන් මේ වන විට ඉන්දියාවට වඩා ලකුණු 296 ක් ඉදිරියෙන් පසුවනවා.

ඔස්‍ට්‍රේලියානු දෙවැනි ඉනිම වෙනුවෙන් නොදැවී පන්දුවට පහර දෙමින් සිටින මර්නස් ලබුෂේන් ලකුණු 41 ක් හා කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 7ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඩේවිඩ් වෝනර් එක් ලකුණකටත්, උස්මාන් කවාජා ලකුණු 13 කටත්, ස්ටීවන් ස්මිත් ලකුණු 34 කටත්, ට්‍රැවිස් හෙඩ් ලකුණු 18 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා කඩුලු 2 ක් දවා ගත් අතර, මොහමඩ් සිරාජ් හා උමේෂ් යාදව් කඩුල්ල බැගින් බිද හෙලුවා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුුලු 5 ක් දැවී ලකුණු 151 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 296 ක්.

ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 152 දී බිද වැටුණේ අද දිනයේ දෙවැනි පන්දුවෙන්ම කේ එස් භාරත් ලකුණු 5කට දැවී යාමත් සමගයි. අනතුරුව 7 වැනි කඩුල්ල සදහා ලකුණු 109 (145) ක සම්බන්ධතාවයක් පිහිටුවීමට අජින්කෙයා රහානේ හා ශර්දුල් තාකූර් සමත් වුණේ ඉන්දියාවට යළි යම් බලාපොරොත්තුවක් එක්කරමින්.

රහානේ ලකුණු 89 ක් හා තාකූර් ලකුණු 51 ක් රැස් කළා. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 48 යි. පන්දු යැවීමේ දී පැට් කමින්ස් ලකුණු 83 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මිචෙල් ස්ටක්, ස්කොට් බෝලන්ඩ් හා කැමරන් ග්‍රීන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඔස්ට්‍රේලියානු පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රැකීම හේතුවෙන් උඩ පන්දු කිහිපයක්ම ගිලිහී යාම නිසා කඩුලු දවා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම ඔස්ට්‍රේලියාවට අහිමි වුණා. එමෙන්ම පැට් කමින්ස් විසින් අජින්කෙයා රහානේගේ හා ශර්දුල් තාකූර්ගේ කඩුලු දවා ගත් අවස්ථාවක එම පන්දු දෙකම නිපන්දු වීම හේතුවෙන් ඔවුන් දෙදෙනාම තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට වාසනාවන්ත වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 469 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...