ස්මිත්, හෙඩ් හා පන්දු යවන්නන් අවසන් තරගයේ පාලනය ඔස්ට්‍රේලියාවට නතු කරයි

Date:

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දෙවැනි දිනය අද(8) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ තරගයේ පාලනය ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 151 ක්.

අජින්කෙයා රහානේ නොදැවී ලකුණු 29 ක් හා කේ.එස් භාරත් නොදැවී ලකුණු 5 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. රෝහිත් ෂර්මා ලකුණු 15කටත්, ෂුබ්මන් ගිල් ලකුණු 13 කටත්, චෙටස්වර් පුජාරා හා විරාත් කෝලි ලකුණු 14 බැගින් ලබා සිටියදීත් දැවී ගියා. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 48(51) යි.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක්, පැට් කමින්ස්, ස්කොට් බෝලන්ඩ්, කැමරන් ග්‍රීන් හා නේදන් ලයන් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 327 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 469 ක්.

ට්‍රැවිස් හෙඩ් ලකුණු 163 ක් රැස් කළේ පන්දු 174 කින්. හයේ පහරක් හා හතරේ පහර 25 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ස්ටීවන් ස්මිත් ලකුණු 121 යි. හතරේ පහර 19 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

ඇලෙක්ස් කෙරී ලකුණු 48 ක් හා ඩේවිඩ් වෝනර් ලකුණු 43 ක් රැස් කළා. පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ් කඩුලු 4 ක් දවා ගත් අතර, මොහමඩ් ෂාමි හා ශර්දුල් තාකූර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...