සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට චාර්ල්ස් කැදවයි

Date:

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට ජොන්සන් චාර්ල්ස් නම් කර තිබෙනවා.

පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක්ව සිටින Gudakesh Motie මෙතෙක් ඉන් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින් ඔහු වෙනුවට ජොන්සන් චාර්ල්ස් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ දිනවල සාජාහී දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ දී චාර්ල් යළි කොදෙව් එක්දින කණ්ඩායමට පැමිණියේ වසර 7 කට පමණ පසුවයි.

එමීර් කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින තරගයේ දී, එනම් ඔහුගේ 50 වැනි එක්දින තරගයේ දී චාර්ල්ස් ලකුණු 63 ක් රැස් කිරීමට සමත් වුණා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ මූලික වටයේ දී A කාණ්ඩයෙන් තරග වදින කොදෙව් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ ඇමෙරිකාව, නෙදර්ලන්තය, සත්කාරක සිම්බාබ්වේ හා නේපාලය යන රටවල්.

West Indies squad:

Shai Hope (c), Rovman Powell (vc), Shamarh Brooks, Yannic Cariah, Keacy Carty, Johnson Charles, Roston Chase, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Kyle Mayers, Keemo Paul, Nicholas Pooran, Romario Shepherd

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...