සුදුසුකම් ලැබීමේ තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ වන විට නම් කර තිබෙනවා.

එම සංචිතය මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයට පත් කර නැතත්, ඇන්ජෙලෝ මැතිව්ස්ට මෙම සංචිතයේ ස්ථානයක් හිමිව නොමැති බවයි වාර්තා වන්නේ.

සධීර සමරවික්‍රම සංචිතයේ ස්ථානය තහවුරු කර ගෙන ඇති අතර, ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්දින තරගාවලියේ දී අර්ධ ශතක දෙකක් වාර්තා කළ දිමුත් කරුණාරත්න ද මෙම සංචිතයට නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

නිමා වූ අයි.පී.එල් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන ඇති බව සදහන්.

ඔහු සමග ඇෆ්ඝනිස්තානයට එරෙහි පළමු එක්දින තරගයේ දී එක්දින වරම් දිනා ගත් පා දග පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත ද සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට නම් කර තිබෙනවා.

ආබාධයකට ලක්ව සිටින කුසල් ජනිත් පෙරේරාට මෙම තරගාවලිය ද අහිමි වී තිබෙනවා.

මෑතකදී එක්දින සංචිතයට ඇතුළත්ව සිටි නුවනිදු ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩර්සේ, අශේන් බණ්ඩාර, ඩිල්ෂාන් මදුෂංක හා අවිශ්ක ප්‍රනාන්දු යන ක්‍රීඩකයින්ට ද සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිතයි.

1996 ලෝක ශූර ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේ දී B කාණ්ඩයෙන් තරග වැදීමට නියමිත අතර, මූලික වටයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

තරගාවලිය ආරම්භ වීමට පෙර සෑම කණ්ඩායමක්ම පුහුණු තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ අනුව ජූනි 13 වැනිදා හා ජූනි 15 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තයට හා අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව පුහුණු තරග ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

Sri Lanka Squad:

Dasun Shanaka (C), Kusal Mendis (VC), Pathum Nissanka, Dimuth Karunaratne, Sadeera Samarawickrama, Dhananjaya De Silva, Charith Asalanka, Wanindu Hasaranga, Maheesh Theekshana, Dushan Hemantha, Chamika Karunaratne, Dushmantha Chameera, Matheesha Pathirana, Lahiru Kumara, Kasun Rajitha

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...