අක්මාල්ගේ වසර 3ක තහනම ගැන පැහැදිලි කිරීමක්

Date:

වසර තුනක ක්‍රිකට් තහනමකට ලක්ව සිටින පාකිස්තාන පිතිකරු උමාර් අක්මාල්ට එරෙහි සම්පූර්ණ තීන්දුව පිළිබද පැහැදිලි කිරීමක් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

ඒ, අදාළ සිද්ධිය විමර්ශනය කළ ස්වාධීන විනය කමිටුවේ සභාපතිවරයා විසින් එය එරට ක්‍රිකට් ආයතනය වෙත භාර දිමෙන් අනතුරුවයි.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීමේ චෝදනා දෙකක් උමාර් අක්මාල්ට එරෙහිව එල්ල වී තිබූ අතර, ඒ අනුව ඔහුට එක් චෝදනාවකට වසර 3 බැගින් වූ ක්‍රිකට් තහනමක් පනවනු ලැබුවා.

එම තහනම මෙම සිද්ධියට අදාළව ඔහුට එරෙහිව පළමු වරට තාවකාලික තරග තහනමක් පැනවූ පසුගිය පෙබරවාරි 20 වනදා සිට ක්‍රියාත්මක වන බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔහුට එරෙහි තහනම් දෙක සමගාමීව ගෙවී යන ලෙස පනවා ඇති අතර, ඒ අනුව උමාර් අක්මාල්ට 2023 වසරේ පෙබරවාරි 19 වනදා සිට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට අවස්ථාව උදා වනු ඇති.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට අදාළව තරග පාවාදීම සදහා ඔහුට කෙරුණු යෝජනා පිළිබද තොරතුරු වාර්තා නොකිරීම උමාර් අක්මාල්ට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

ඔහු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුතැවීමට හෝ සමාව අයැදීමට ඉදිරිපත් නොවීම ද මෙම සිද්ධියට අදාළව වසර තුනක තහනමක් පැනවීමට හේතු වී ඇති බවයි ස්වාධීන විනය කමිටුවේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...