චමීර, වනිදු, පැතුම් හා දිමුත්‍ගේ දක්ෂතා ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක් සමගින් තරගාවලි ජයක් හිමි කර දෙයි

Date:

සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(7) සමත් වුණා.

හම්බන්තොට පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 117 ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 84 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට පැතුම් නිස්සංක සමගින් දිමුත් කරුණාරත්න සමත් වුණා.

පැතුම් ලකුණු 51 ක් රැස් කළේ පන්දු 34 කින්. හයේ පහර 2ක් හා හතරේ 8 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. දිමුත් නොදැවී ලකුණු 56 යි. පන්දු 45 කින් වාර්තා වූ දිමුත්ගේ ඉනිම හතරේ පහර 7 කින් වර්ණවත් වුණා. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 11 ක් ලබා ගත්තා.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය සියලු දෙනා දැවී ලකුණු 116 ක් ලබා ගත්තේ පන්දුවාර 22.2 ක් අවසානයේ දී යි.

මොහමඩ් නබී ලකුණු 23 ක්, ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 22ක් හා ගුල්බදීන් නයිබ් ලකුණු 20 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 63 කට කඩුලු 4 ක් දවා ගත් අතර, වනිදු හසරංග ලකුණු 7කට කඩුලු 3 ක් බිද හෙලුවා. ලහිරු කුමාර කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 29 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...