ලකුණු 78 ක ජයකින් කොදෙව්වන් තරගාවලියේ ජය තහවුරු කර ගනියි

Date:

බ්‍රෙන්ඩන් කිංග් හා ජොන්සන් චාර්ල්ස් වාර්තා කළ අර්ධ ශතක හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 78 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

සාජා හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 307 ක ඉලක්කයක් හඹා ගිය එමීර් කණ්ඩායම නියමිත පන්දුවාර 50 පිතිකරණයේ නිරත වුවත්, ඔවුන් කඩුලු 7ක් දැවී රැස් කළේ ලකුණු 228 ක් පමණයි.

අලී නසීර් ලකුණු 57 ක් හා බැසිල් හමීඩ් ලකුණු 49 ක් රැස් කළා. පන්දු යැවීමේ දී කවෙම් හොඩ්ජ් හා රොස්ටන් චේස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 306 ක් ලබා ගත්තේ පන්දුවාර 49.5 ක් අවසානයේ දී යි.

කිංග් ලකුණු 64 ක් හා චාර්ල්ස් ලකුණු 63 ක් වාර්තා කරමින් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ පළමු කඩුල්ලට ලකුණු 129 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

ඔඩියන් ස්මිත් ලකුණු 37 ක් ද, Keacy Carty ලකුණු 32 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී සහූර් ඛාන් ලකුණු 44 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...