ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු අයි.සී.සී මාසයේ ක්‍රීඩිකාව සම්මානයට නිර්දේශ වෙයි

Date:

මැයි මාසයේ අයි.සී.සී කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය සදහා නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු හා මුල් පෙල පිතිකාරිණී හර්ෂිතා මාධවී එලෙස නිර්දේශිත නාම අතරට ඇතුළත් කර තිබෙනවා.

නිර්දේශිත නාම අතරට ඇතුළත් අනෙක් ක්‍රීඩිකාව වන්නේ තායිලන්තයේ Thipatcha Putthawong.

මේ අතර, මැයි මාසයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා වන නිර්දේශිත නාම ද ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

එම නාම අතරට ඇතුළත්ව ඇත්තේ පාකිස්තානයේ බාබර් අසාම්, බංග්ලාදේශයේ නජ්මුල් හොසේන් හා අයර්ලන්තයේ හැරී ටෙක්ටර්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...