ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ නව තාක්ෂණික කමිටුව පත් කර තිබෙනවා.
ක්‍රිකට් ආයතනය විසින් නියම කර ඇති නීති රෙගුලාසිවලට අනුව එල්.පී.එල් තරගාවලිය පැවැත්වීම සහතික කිරීම තාක්ෂණික කමිටුවේ කාර්යභාරය බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
බන්දුල දිසානායක මහතා මෙම තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වැනි අදියර ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා කණ්ඩායම් පහකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජූනි 14 වැනිදා පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
තාක්ෂණික කමිටුව:
- බන්දුල දිසානායක මහතා (සභාපති)
- ශේන් ප්‍රනාන්දු මහතා
- තරංග පරණවිතාන මහතා
- ටිරෝන් විජේවර්ධන මහතා (ලේකම්)

