මදුෂංකගෙන් සුපිරි පන්දු යැවීමක් ; ස්ටබ්ස් හා කොට්සි දකුණු අප්‍රිකා ගෞරවය රැක දෙයි

Date:

සංචාරක දකුණු අප්‍රිකා A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය මේ වන විට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා A කණ්ඩායම පන්දුවාර 43.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 175 ක් ලබා ගත්තා. ඒ, ඉනිමේ 7 වැනි කඩුල්ල ලකුණු 42 දී බිද වැටුණු පසුබිමකයි.

Jordan Hermann එක් ලකුණකටත්, Matthew Breetzke ලකුණු 14 කටත්, Zubayr Hamza ලකුණු 2කටත්, Kyle Verreynne ලකුණු නොලබා සිටියදීත් දවා ගැනීමට ඩිල්ෂාන් මදුෂංක සමත් වුණා.

නායක Tony de Zorzi ලකුණු 4 කට හා Dewald Brevis ලකුණු දෙකකට දැවී ගියේ ජනිත් ලියනගේගේ පන්දු හමුවේයි.Beyers Swanepoel ලකුණු 7කට දවා ගැනීමට ප්‍රමෝද් මදුෂාන් සමත් වුණා.

අනතුරුව 8 වැනි කඩුල්ල සදහා ලකුණු 111 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට Tristan Stubbs හා Gerald Coetzee සමත් වුණා. Stubbs පන්දු 88 කින් ලකුණු 59 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහරක් සමගින්. Coetzee පන්දු 89 කින් ලකුණු 77 ක් ලබා ගත්තා. හයේ පහර 2ක් හා හතරේ පහර 6 ක් Coetzee ගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී ඩිල්ෂාන් මදුෂංක ලකුණු 33 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ජනිත් ලියනගේ ලකුණු 32 කට කඩුලු 2 ක් ද, සහන් ආරච්චිගේ ලකුණු 18 කට කඩුලු 2 ක් ද බිද හෙලුවා. ප්‍රමෝද් මදුෂාන් හා දුනිත් වෙල්ලාලගේ කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...