ඇන්ඩි ෆ්ලවර්ට ඔස්ට්‍රේලියාවෙන් තනතුරක්

Date:

සිම්බාබ්වේ හිටපු නායකයෙකු හා එංගලන්ත හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන ඇන්ඩි ෆ්ලවර් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස එක්ව තිබෙනවා.

ඉන්දියාවට එරෙහිව එළඹෙන 7 වැනිදා ආරම්භ වන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය අරමුණු කර ගනිමිනුයි ඔහුව එම ධූරයට පත් කර ඇත්තේ.

එළඹෙන 16 වැනිදා එංගලන්තයට එරෙහිව ආරම්භ වන අළුබදුන ටෙස්ට් තරගාවලිය සදහා ද ඇන්ඩි ෆ්ලවර් උපදේශකවරයෙකු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එක් වීමට ඉඩ ඇති බව සදහන්.

2009 වසරේ සිට 2014 වසර දක්වා වූ කාලයේ දී 55 හැවිරිදි ඇන්ඩි ෆ්ලවර් එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළා.

කණ්ඩායමේ අධ්‍යක්ෂ ලෙස ද ඔහු කටයුතු කළ අතර, ඔහුගේ ධූර කාලයන් හී දී එංගලන්ත කණ්ඩායම අළුබදුන තරගාවලි තුනක දී සාර්ථකත්වයට පත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...