රෂීඩ් ඛාන්ට තීරණාත්මක තරගයත් අහිමි වන ලකුණු

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය සදහා ද දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බව ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ පුහුණුකරු ජොනතන් ට්‍රොට් පවසනවා.

ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 132 ක දැවැන්ත පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ඒ අනුව මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගනිමින් තරග 1-1 ක් ලෙස තරග 3කින් යුත් එක්දින තරගාවලියේ සම මට්ටමේ රැදී සිටිනවා.

තරගාවලිය ආරම්භ වීමට පෙර ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් රෂීඩ් ඛාන්ට පළමු එක්දින තරග දෙක ක්‍රීඩා කිරීමට නොහැකි වන බවයි.

නමුත් තෙවැනි තරගයට පෙර ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය අධීක්ෂණය කර එම තරගයට ඔහුට ක්‍රීඩා කළ හැකිදැයි තීරණය කරන බව ජොනතන් ට්‍රොට් පෙන්වා දෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...