ලීච් අළුබදුන තරගාවලියෙන් ඉවතට

Date:

එංගලන්ත දග පන්දු යවන ක්‍රීඩක ජැක් ලීච්ට ඔස්ට්‍රේලියාව සමග ආරම්භ වීමට නියමිත තරග 5කින් යුත් අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහුගේ පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් ලීච්ට මෙලෙස තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අයර්ලන්තයට එරෙහිව නිමා වූ ටෙස්ට් තරගයේ දී ජැක් ලීච් මෙම ආබාධයට ගොදුරු වී තිබෙනවා.

ඒ අනුව ඔහු වෛද්‍ය පරීක්ෂණවලට යොමු කර තිබූ අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ජැක් ලීච්ට අළුබදුන තරගාවලියෙන්ම ඉවත් වීමට සිදුවන බවයි.

බෙන් ස්ටොක්ස් නායකත්වයට පත් වීමෙන් පසුව එංගලන්තය ක්‍රීඩා කළ ටෙස්ට් තරග 13 ම ජැක් ලීච් මේ දක්වා ක්‍රීඩා කර ඇති අතර, එහිදී කඩුලු 45 ක් දවා ගැනීමට ද ඔහු සමත් වුණා.

ජැක් ලීච් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ඉදිරියේ දී එංගලන්ත සංචිතයට නම් කරනු ඇති.

අළුබදුන ටෙස්ට් තරගාවලිය එළඹෙන 16 වැනිදා බර්මිංහැම් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...